සෞදි අරාබිය අන්තර්ජාල ඇමතුම් සඳහා පනවා තිබූ තහනම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබිය අන්තර්ජාල ඇමතුම් සඳහා පනවා තිබූ තහනම ඉවත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඒ අනුව ස්කයිප්, වයිබර් වැනි අන්තර්ජාල දුරකතන සේවා සඳහා පනවා තිබූ වාරනය තවදුරටත් ක්‍රියාත්මක නොවනු ඇත.

බොරතෙල් අපනයනයට අමතරව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම මෙහි අරමුණය.

2011 වසරේ මැද පෙරදිග පැතිර ගිය අරාබි වසන්තය හේතුවෙන් අන්තර් ජාල දුරකතන සේවාවන් තහනම් කෙරුණි.

තම නීතිවලට එම සේවාවන් එකග නොවීම හේතුවෙන් සෞදි රජය එම සේවාවන් වාරනයකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *