කෝටි 9කට ආසන්න මුදල් රටින් පිටකිරීමට තැත්කළ යුවළක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු රුපියල් කෝටි 09 කට ආසන්න දේශීය සහ විදේශීය මුදල් තොගයක් නීතිවිරෝධී අන්දමින් මෙරටින් පිට කිරිමට යාමේදි කටුනායක බණ්ඩානායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මුදල තොගය අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත්තේ ශ්‍රි ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ එකක විසිනි.

අත්අඩංගුවට පත්වු කාන්තාව අවුරුදු 22 ක් වන අතර පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 24 වේ. මෙම මුදල තොගය මෙරටින් පිට කිරිමට උත්සහ කර ඇත්තේ ඊයේ(21) පස්වරුවේදි ඩුබායි දක්වා ගමන් කිරිමට සුදානම්ව තිබු ශ්‍රී ලංකාන් ගුවන් සෙවයට අයත් යානයකිනි.

අමෙරිකානු ඩොලර් 45000, යුරෝ 35000 , ඕමාන් රියල් 4000 , බහාරේන් ඩිනාර් 2685 ක්, සෞදි රියාල් 599500 ක් ඩිරාම් 72000 , සහ ශ්‍රි ලංකා රුපියල් හාරකෝටි හතලිස් තුන් ලක්ෂ පහලොස් දහසක් මීට අයත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − three =