ඩොමිනිකා රාජ්‍යයේ පුද්ගලයින් 15ක් මරියා නිසා මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඩොමිනිකා රාජ්‍යයට බලපෑ මරියා සුළි කුණාටුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු අතුරුදන්ව තිබේ.

බරපතල ව්‍යසනයක් වුවත් එහිදී ජීවිත හානි අවමවූ බව එරට අගමැති රූස්වෙල්ට් ස්කෙරිට් පවසා ඇත.

පසුගියදා ඩොමිනිකා රාජ්‍යයට ඇතුළු වූ මෙම මරියා සුළි කුණාටුව සිව්වන කාණ්ඩයේ කුණාටුවක් ලෙස කාලගුණ විද්‍යාඥයින් හඳුන්වනු ලැබේ. ඉන් ඩොමිනිකා රාජ්‍යයේ නිවාස රැසකට හානි සිදු විය.

පසුව එය පුවටෝ රිකෝ දිවයින දෙසට හමාගිය බව සඳහන් ය.

සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කරමින් සිටින බව ඩොමිනිකා අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

එරට දුරකථන සම්බන්ධතා ද ඇණහිට තිබේ.

මේ අතර පුවටෝ රිකෝ රාජ්‍යයේ බලධාරීන් මරියා චණ්ඩ මාරුතයේ බලපෑමත් සමඟ හදිසි ගංවතුර තත්වයක් හටගැනීමේ අවදානමක් පවතින හෙයින් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසයි ජනතාවට දැනුම් දී ඇතයි විදසේ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 5 =