වස්ගමුව වනජීවි නිලධාරීන්ගේ ආයුද කාමරයෙන් ගිනිඅවි සොරා ගනියි

(කොළඹ, ලංකාපුවත්) –විල්ගමුව පොලිස් වසමේ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ට අයත් තුවක්කු දමා තිබු කාමරයක දොර බලෙන් විවෘත කර වනජීවි නිලධාරීන්ට අයත් ගිනිඅවි කිහිපයක් සොරා ගෙන තිබේ.

ඒ අනුව ටී 56 ගිනි අවියක්, රිපීටර් වර්ගයේ ගිනි අවි 2ක්, බෝර 12 ක් හා පතරොම් තුවක්කු 2 ක් මෙලෙස සොරකම් කර ඇති බව විල්ගමුව පොලීසිය සදහන් කළේය.

මෙය ඊයේ (21) රාත්‍රීයේ සිදුව ඇත.

සොරකම් කරන ලද මුළු ආයුද ගණන 5 ක් වන අතර, සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 1 =