(කොළඹ, ලංකාපුවත්) –හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට තියුණු ආයුධයක් ඇතිව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයකු පොලිසිය විසින් ඊයේ (21) රාත්රියේ අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ 07 විජේරාම මාවතේ මෙම නිවස පිහිටා තිබේ.
අසංක ජයමාල් වීරසිංහ නම්වන ඔහු බලන්ගොඩ ඉඹුල්පේ ප්රදේශයේ පදිංචිකරුවකු වේ. බෙලිහුල්ඔය ප්රදේශයේ විහාරස්ථානයක කලක් මහණව සිට ඇති මෙම පුද්ගලයා 25වන වියෙහි පසුවන අයෙකි.
හිටපු ජනපතිවරයා හමුවීමට බව පවසමින් පැමිණි ඔහුට, හිටපු ජනාධිපතිවරයා හමුවීමේ අවස්ථාව නොලැබුණු විට ගමන්මල්ලෙන් ඉවතටගත් තියුණු ආයුධයකින් ගෙල කපා ගැනීමට උත්සාහ දරා තිබේ.
පසුව අයුතු ඇතුළුවීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන කුරුදුවත්ත පොලිසිය විසින් සිදු කරනු ලැබේ.