ඇන්ග්ලා මර්කල් සිව්වන වරටත් චාන්සලර් ධුරයට

(කොළඹ, ලංකාපුවත්) – ජර්මන් චාන්සලර් ඇන්ග්ලා මර්කල්ගේ පක්ෂය එරට ජාතික මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව නවතම මැතිවරණ ප්‍රතිඵල මගින් හෙළිව තිබේ.

ඒ අනුව ඇය සිව්වන වරටත් චාන්සලර් ධුරය සදහා සුදුසුකම් ලබා ඇත.

නවතම ප්‍රතිඵල වලට අනුව ඇන්ග්ලා මර්කල් නායකත්වය දරණ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ප්‍රමුඛ සන්ධානයට 33%ක මනාප ප්‍රතිඵලයක් ලැබි තිබේ.

එසේම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දිනා ඇත්තේ මනාප 20%ක් පමණි. අන්ත දක්ෂිණාංශික ජර්මානු විකල්ප පක්ෂය 13.1%ක මනාප ප්‍රතිශතයක් වාර්තා කරමින් තෙවන ස්ථානයේ පසුවේ.

ඉහත කී ප්‍රතිඵල අනුව බලයේ සිටින චාන්සලර් ඇන්ග්ලා මර්කල් හතරවැනි වතාවටත් ජර්මනියේ පාලන බලය හිමිකර ගනු ඇත.

මෙම මැතිවරණයේ දී චාන්සලර්වරියගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදී බලවේගය වූයේ වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =