ජපානයට අපනයනය කරන මත්ස්‍ය ප්‍රමාණය වැඩිකිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ජපානයට අපනයනය කෙරෙන මෙරට මත්ස්‍ය තොග ප්‍රමාණය වැඩි කිරීමට උපරිම සහය ලබාදෙන බව, එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මගහිසා සාටෝ මහතා පවසසි.

ජපානයේ නිල සංචාරයක නිරත අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, අමාත්‍ය මසහිසා සාටෝ මහතා මුණගැසුණු අවස්ථාවේ දී මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාව විසින් විදේශ රටවලට අපනයනය කරනු ලබන මසුන්ගෙන් සියයට 12ක් මිලදී ගන්නේ ජපානයයි. ටූනා මසුන් උපයෝගී කරගනිමින් ජපාන ජනතාවගේ සාම්ප්‍රදායික ආහාරයක් වන සුෂී හා සෂිමි මේ වන විට ශ්‍රී ලංකාවෙන් එරටට අපනයනය කරනු ලැබේ. සකස් කරන ලද මෙරට ටූනා මත්ස්‍ය කිලෝ 01ක් ජපානය මිලදී ගනු ලබන්නේ රුපියල් 30,000ක් වැනි ඉහළ මිලකට ය.

ජපානයට අවශ්‍ය සුෂී හා සෂිමි නිෂ්පාදන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කළේය.

ජපානය ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව ටූනා මසුන් මෙට්‍රික් ටොන් 700ක පමණ ප්‍රමාණයක් මිලදී ගනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *