පකිස්ථාන ක්‍රිකට් සංචිතය නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන පකිස්ථාන ක්‍රිකට් සංචිතය නම් කර ඇත.

පකිස්ථාන ප්‍රධාන තේරීම් කමිටු සාමාජික ඉන්සාමාම් උල් හක් විසින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී එය ප්‍රකාශයට පත් කළේය.

සෆ්රාස් අහමඩ්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් මෙහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා සහ පකිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 28 වනදා ආරම්භවිමට නියමිතය.

2009 වර්ෂයේදී පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *