පාකිස්ථාන ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථානය සමග ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.

දෙරට අතර පළමු තරගය ලබන 28 වනදා අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතය.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් 15 ක් ඇතුලත් ය.

කණ්ඩායමේ උප නායකයා ලෙස ලහිරු තිරිමාන්න කටයුතු කරනු ඇත.

ඔවුන් ආගමික වතාවත් වලින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව ගියේය.

තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස ලබන මස 06 වනදා ආරම්භ වීමට නියමිතය.

රෝස පැහැති පන්දුවෙන් මෙම තරගය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ලැබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *