සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධූරයේ වැඩ බලයි

(කොළඹ, ලංකාපුවත්) – වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

පොලිස්පති ජූජිත් ජයසුන්දර මහතා විදෙස් ගතව ඇති බැවින් අදාළ පත්කිරිම සිදු කර තිබේ.

චීනයේ පැවැත්වෙන 86 වන ජාත්‍යන්තර පොලිස් සමුළුවට සහභාගීවිම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (25) උදෑසන චීනය බලා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව අද(25) සිට ලබන 30 වනදා දක්වා සී.ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයේ වැඩබැලීස සිදු කරනු ලැබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 16 =