UPDATE :ලලිත් ජයසිංහ අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලලිත් ජයසිංහ මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබුණි.

2015 වසරේ ජනවාරි මස 05 වන දින කහවත්ත පොලිස් වසමේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියකට අදාළව අදාළ ප්‍රකාශය ලබා ගැනීම සඳහා ඔහු එහි කැඳවූ බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

අත්අඩංගුවට ගැනීඹට හේතුව වන්නේ වරදකරුවකුව නීත්‍යානූකූල දඩුවමකින් ආවරණය කිරීම සදහා ක්‍රියා කිරීමේ වරද මතය.

මොහුව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

ලලිත් ජයසිංහව පොලිස් විශේෂ විමර්ෂන ඒකකයට කැදවයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාව මේවන විට පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ විමර්ෂන ඒකකයට කැදවා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටියි.

2015 වසරේ ජනවාරි 05වනදා කහවත්ත ප්‍රදේශයේ දී හිටපු නි යෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව එම විමර්ශනයේ දී ඇතැම් කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස ලලිත ජයසිංහ මහතාව කැදවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *