අමෙරිකාව පැනවූ සංක්‍රමණික තහනමට තවත් රටවල් 03ක් ඇතුල් කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාව රටවල් කිහිපයකට පැනවූ සංක්‍රමණික තහනමට උතුරු කොරියාව, වෙනිසියුලාව සහ චෑඩ් යන රාජ්‍යයන් ද ඇතුලත්කර තිබේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබුණි.

තම රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බවත්, ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අය රටට ඇතුළු කර නොගන්නා බවත් ඔහු සදහන් කළේය. වෙනිසියුලාවට පනවා ඇති තහනම ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පමණි.

මීට පෙර ට්‍රම්ප් විසින් ඉරානය, ලිබියාව, සිරියාව, යේමනය, සෝමාලියාව සහ සුඩානය යන රටවලටද සංක්‍රමණික තහනමක් පනවනු ලැබීය. එහෙත් ට්‍රම්ප්ගේ නවතම ප්‍රකාශය සමග සුඩානයට පැන වූ තහනම ඉවත් කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *