දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම ඩිජිටල් පුස්තකාලයක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඩිජිටල් පුස්තකාලය බැගින් ස්ථාපිත කෙරේ.

ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා  මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය  ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කර තිබේ.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් දැක්ම තව දුරටත් සවිමත් කිරීමේ තවත් එක් අදියරක් වශයෙන් ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙන බවත් සමාජයේ තාක්ෂණික රුචිකත්වයන්ට හා අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් පුස්තකාල පරිසරයද වෙනස්වීම කාලීන වශයෙන් වැදගත් වන බවත්  නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක මහතා පවසයි.

පළාත් පාලන ආයතන යටතේ ක්‍රියාත්මක පුස්තකාල කේන්ද්‍ර කර ගනිමින් මෙම ඩිජිටල් පුස්තකාල පිහිටුවේ.

ඩිජිටල් යටිතල පහසුකම් ලබා දීම එම තොරතුරු තාක්ෂණ උපාංග භාවිතා කිරීම මෙන්ම පුස්තකාල කළමණාකරණය කිරීම පිලිබද පුස්තකාල කර්යය මණ්ඩල වෙත දැනුම ලබා දීමද මෙහිදී  සිදු කෙරේ.

අන්තර්ජාලය ඔස්සේ පොත් පත් පරිශ්‍රීලය කිරීමේ අවස්ථාව මෙන්ම දේශිය හා  ජාත්‍යන්තර වශයෙන් පළ කෙරෙන ඉහල පාඨක අවධානයක් දිනාගෙන තිබෙන පුවත් පත් මෙන්ම  සගරා පරිශ්‍රීලය කිරීමේ පහසුකම්ද මෙහිදී පාඨකයන්ට හිමිවේ.

තවද දුර්ලබ තොරතුරු අඩංගු මුද්‍රිත ලිපි ලේඛන පත පොත ආදියෙහි මෘදු පිටපත්ද පරිශ්‍රීලය කිරීමටද මෙහිදී හැකිවේ.

විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ දැනුම ආකල්ප මෙන්ම කුසලතා වර්ධනය වන ආකාරයෙන් සකස් කරන පරිගණක වැඩසටහන් ටැබ් යන්ත්‍ර ඔස්සේ හැදෑරීමේ අවස්ථාද මෙහිදී දරුවන්ට  උදාවේ.

කොළඹ කුරුණැගල පොළොන්නරුව බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක  වල ඉදිරි මාස කිහිපය තුලදී මෙම ඩිජිටල් පුස්තකාල ස්ථාපිත කිරීම ප්‍රතමයෙන් සිදුවන අතර ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සදහා මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ මුලිකත්වයෙන්  ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පසුගියදා සිදුවිය.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *