දුම්රියෙන් තෙල් ප්‍රවාහනයට වැඩි අවධානයක්

(කොළඹ, ලංකාපුවත්) – රටපුරා ඉන්ධන බෙදා හැරීමට දුම්රිය වැඩි වශයෙන් යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

බවුසර් රථවලින් ඉන්ධන බෙදා හැරීමට වඩා එය වඩාත් ලාභදායි බවද අමාත්‍යවරයා සදහන් කළේය.

ඉදිරියේදී ප්‍රාදේශීය ඉන්ධන ගබඩා සංකීර්ණ පුළුල් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පැවසූ ඇමතිවරය, එහි පළමු පියවර යටතේ මහනුවර පේරාදෙණිය ඉන්ධන ගබඩා සංකීර්ණය පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මධ්‍ය පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මධ්‍ය පළාත් ප්‍රාදේශීය කාර්යාලය පිහිටා ඇත්තේ මහනුවර පේරාදෙණියේය. එහි කිසිවකුටත් නොදන්නා හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සේවක සේවිකාවන් මුහුණ දෙන ගැටළුද විමසා බැලීය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාවේ අනවශ්‍ය වියදම් කපා හැරීමට දැනටමත් කටයුතු කර ඇති බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *