A 9 මාර්ගයේ බස්වල ගමන් ගන්නා මගීන් අපහසුතාවට

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර – යාපනය ඒ නවය මාර්ගයේ ගමන්ගන්නා වායුසමනය කල බස් රථ හා දුරගමන් සේවා බස් රථ තුළ අධික ශබ්දයෙන් සිදුවන සංගීත වාදනයන් හේතුවෙන් බස් මගීහු අපහසුතවයට පත්ව ඇතැයි වාර්තා වේ.

උදාසන සිට රාත්‍රිය දක්වා යාපනය, අනුරාධපුර, මහනුවර හා අනුරාධපුරය – කොළඹ ආදී මාර්ග ඔස්සේ ධාවනය වන මෙම බස් රථ තුළ අවිධිමත් අයුරින් විවිධ අන්දමේ ශබ්ද පිටවන වාදනයන් සිදුවන බව මගිහු පවසති.

ගීත වාදයනයන්ට අමතරව විවිධ විදෙස් චිත්‍රපටි ප්‍රදර්ශනය ද බස් රථවල සිදුකරනු ලබයි.

පවුල් පිටින් බස් රථවල දුරගමන් යන මගීන් සිය දරුවන් ඉදිරියේ මෙම චිත්‍රපටි නැරඹිමට අපහසු මට්ටමේ අවස්ථා ද උදාවන බව ඔවුහු සඳහන් කරති.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් බස් රථ රියදුරන් කොන්දොස්තරවරුන් මෙන්ම ඇතැම් රථ හිමිකරුවන් දැන්වත් කල ද ඉන් පලක් නොමැති බව මගිහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියෙන් කළ විමසිම දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ බස් රථ වල ශබ්ද පිටකිරීම සම්බන්ධයෙන් නීති පවතින බවය.

යම් ප්‍රවාහන රථයක් නියමිත ශබ්ද සීමාව ඉක්මවා විවිධ ශබ්ද ප්‍රචාරය කරයිනම් ඒ පිළිබදව ලැඛෙන පැමිණිලි අනුව අවශ්‍ය නිතිමය පියවර ගැනීමට අධිකාරිය කටයුතු කරන බව ද හෙතෙම සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 1 =