ජපාන මහ මැතිවරණය ලබන මාසයේ දී පැවැත්වීමට තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජපාන මහ මැතිවරණය ලබන මස 22වනදා පැවැත්වීමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ තීරණය කර තිබේ.

මහ මැතිවරණය පැවැත්විය යුතු වන්නේ 2018 වර්ෂයේය. එහෙත් වසරකට පෙර මැතිවරණය පැවැත්විය යුතු බවට ජපාන අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව වාර්තා වේ.

ජපාන අග්‍රාමාත්‍යවරයා මේ බව මාධ්‍ය අමතමින් දන්වා තිබේ.

2020 වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙල හා උතුරු කොරියාව දිගින් දිගටම එල්ල කරන මිසයිල ප්‍රහාර හමුවේ මෙම තීරණය ගන්නට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙවර මහ මැතිවරණය සදහා අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ප්‍රතිවාදියා ලෙස ටෝකියෝ නගරාධිපති යුරිකෝ කොයිකේ තරග වැදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *