මාර්ග නීති කඩන රියදුරන් ඇල්ලීමට නවීන CCTV කැමරා

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් නිලධාරීන් මහා මාර්ගයේ සිටින වෙලාවට නීතිගරුකව රිය පදවන රියදුරන් ඇතැම් විට පොලීසිය නැති වෙලාවට රිය පදවන්නේ හරියට නීතිය නොදන්නා ලෙසිනි.

ඉදිරියේදී එවැනි රියදුරන් පිළිබඳ සොයා බලන්නට නවීන තාක්‍ෂණයෙන් යුත් CCTV කැමරා පද්ධති කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග පද්ධතිවල සවි කරන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව සදහන් කරනු ලැබේ.

මාර්ග ආරක්‍ෂාව වෙනුවෙන් කොයිතරම් නීති පද්ධති ගෙන ආවත් බොහෝ විට රියදුරන් ඒවා රකිනවාට වඩා සිදුකරන්නේ කඩ කිරීමය. පොලිස් නිලධාරියෙකු දුටු විට මාර්ග නීති නිසි ලෙස පිළිපදින ඇතැම් රියදුරන් එම නිලධාරියා මග හැරුණු සැණින් වාහනය පදවන්නේ මාර්ග නීති කුණු කූඩයට දමමිනි.

මෙවැනි රියදුරන් පිළිබඳ සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තරම් අපේ රටේ CCTV තාක්‍ෂණය තවමත් දියුණු වී නොමැත.

එබැවින් එවැනි රියදුරන් මෙන්ම ඔවුන්ගේ වාහනවල අංක තහඩු පිළිබඳවත් තියුණු අන්දමින් දර්ශනය වන CCTV කැමරා පද්ධති සවි කිරීමට මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පියවරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *