සබරගමුව පළාත් සභාවේ නිල කාලය මැදියම් රැයින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – සබරගමුව හයවැනි පළාත් සභාවේ නිල කාලය අද (26) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

අවසන් සැසිය පළාත් සභා සංකීර්ණයේ දී අද පැවැත්වීමට නියමිතය.

සබරගමුව හයවැනි පළාත් සභාව සඳහා ඡන්ද විමසීම පැවැත්වුණේ 2012 සැප්තැම්බර් මස 08 වැනිදා ය. එහෙත්, සැසිය ආරම්භ වූයේ සැප්තැම්බර් 26 වැනිදාය. ඒ අනූව පළාත් සභාවේ පස් වසරක නිල කාලය අදින් අවසන් වනු ඇත.

ඒ සමගම එහි බලතල ආණ්ඩුකාරවරයා වෙත පැවරේ.

නව සභාපතිවරයෙකු තෝරා පත්කර ගන්නා තෙක් වත්මන් සභාපතිවරයා එම ධුරයේ තවදුරටත් රාජකාරියේ යෙදෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 16 =