ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු මැරීන් බළකායට කාන්තාවක්

(කොළඹ, ලංකාපුවත්) –ඉතිහාසයේ පළමුවරට අමෙරිකා හමුදාවේ මැරීන් බළකායේ පරීක්ෂණවලින් සමත් වීමට කාන්තාවකට හැකිවී තිබේ.

සාර්ථකව පුහුණුව අවසන් කළ ඇය ඊයේ විසිර ගියාය. සති 13ක ඉතා අසීරු පුහුණුවකින් පසු ඇය මෙසේ සුදුසුකම් ලැබුවාය.

ඇය සමග මැරීන් සෙබළුන් 131 දෙනෙකු පුහුණුව ආරම්භ කළත් ඉන් සාර්ථකව පුහුණුව අවසන් කරනු ලැබුවේ 88 දෙනෙකු පමණි. අමෙරිකානු හමුදාවේ ලක්ෂ 14ක් පමණ සෙබලුන් සිටින අතර ඉන් 15%ක් පමණ කාන්තාවන්ය.

නිලයෙන් ලුතිතන්වරියක් වන ඇයගේ නම හෙළිකර නොමැත.

ඇය නුදුරේ දී 40 දෙනෙකුගෙන් යුත් හමුද කාණ්ඩයක නායිකාවක් ලෙස පත්කරනු ඇතැයි ද වාර්තා වේ.

ඇය පළමු රාජකාරිය සදහා කැලිෆෝර්නියාවේ පිහිටි පළමු වැනි මැරීන් ඒකකයට අනුයුක්ත කෙරෙනු ඇත. ඇයගේ සමත්වීමත් සමග අමෙරිකානු මැරීන් බලකා අණදෙන නිලධාරී ජෙනරාල් රොබට් නෙලර් ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඇය නිලයට සහ අනෙකුත් නායකයින්ට අභිමානයක් බවය.

අමෙරිකානු හමුදාවේ මැරීන් භටයෙකු ඉතා අපහසු පුහුණුවීම් රැසක් පසු කළ යුතු අතර, ඔවුන් පුහුණු කිරීමට එරට රජය අති විශාල මුහුදලක් වැය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *