ජනප්‍රිය රංගන ශිල්පී දසුන් ගෙලවැලලාගෙන

(කොළඹ, ලංකාපුවත්) – නව පරපුරේ රංගන ශිල්පී දසුන් නිශාන් ද සිල්වා ඊයේ (25) පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි බෝඩිං කාමරයකදී සිය දිවි නසාගෙන තිබේ.

ඔහු එම බෝඩිමේ ටෙලි ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙකු සමග එක්ව වාසය කරමින් සිට ඇති අතර ඊයේ අනෙක් අය වැඩට යද්දී තමාට අසනීප ගතියක් ඇතැයි දක්වමින් ඔහු එම නිවසේ තනිව රැඳී තිබේ. ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ඊයේ උදේ ඔහුට වේලාවක් වෙන් කර තිබුණ නමුත් ඒ අයට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ උණ රෝගයෙන් සහ, තද බල හිසරදයක් තිබෙන බවත් රූ ගත කිරීම හෙට දිනයට කල් දමා දෙන ලෙසත්ය.

මිතුරන් යනතුරු සිටි ඔහු කාමරයේ විදුලි පංකාවේ ලණුවක එල්ලී මියගොස් සිටියේය.

දහවල් කාලයේ පන්නිපිටිය ප්‍රදේශයේ රූගත කිරීමකට ආ වෙනත් රංගන ශිල්පියෙකු ඔහු සිටි බෝඩිමට ඔහු හමුවීමට පැමිණි අවස්ථාවේ බෝඩිමේ දොරගුළු වසා තිබීම ගැන සැකයට ජනේලයක් මෑත් කර බැලීමේදී ඔහු විදුලි පංකාව යට ඇද වැටී සිටි අයුරු දැක පොලිසියට දැන්වීමෙන් පසු මරණය පිළිබඳ කරුණු අනාවරණය විය.

නිට්ටඹුව තිහාරිය ගම් පළාත කරගත් දසුන් නිශාන් මිය යන විට 29 වියේ පසුවූයේය. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වුවද පසුව තොරතුරු තාක්ෂණ විෂයට ඇළුම් කළ අතර ඔහු කොළඹ සරසවියේ BIT උපාධිය ලබාගෙන මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇත.

අනතුරුව නිරූපණ ශිල්පයට ආසා කළ ඔහු කාලයක් එහි නිරතවී එයින්ද සමුගෙන ටෙලි නාට්‍ය වෙත ආවේය.

මියයන විට ටෙලි නාට්‍ය 13 ක් චිත්‍රපටයක් හා වේදිකා නාට්‍යයකටද ඔහු සම්බන්ධවී සිටියේය.

ධනවත් පවුලක වැඩිමලා වූ ඔහුට බාල සහෝදරයෙකුද සිටියේය. ඔහුගේ මව පියා දෙදෙනාම සිවිල් ඉංජිනේරුවන් වූ අතර කාලයක් ඔවුන් වාසය කළේ කැනඩාවේය.

නිට්ටමුව තිහාරිය, උසාවිය ඉදිරිපිට කත්තොට පාර නිවසට අද (26) රාත්‍රී දේහය රැගෙන යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *