තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද ජාත්‍යන්තර දිනය සැමරීම 28වනදා

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන  “ශ්‍රී ලංකාවේ  තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රායෝගික භාවිතයන් පිළිබ සමුළුව  ලබන බ්‍රහස්පතින්දා (28) පෙ.ව. 9.30 ට කොළඹ 06, වෙරළ පාර, ග්ලෝබල් ටවර්  හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහභාගීත්වයෙන් එය පැවැත්වේ.

මෙහිදීතොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සමාජගත කිරීමේ වැදගත්කම පිළිබ දේශනයක්ද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබකොමිෂන් සභාවේ සාර්ථකත්වයේ පියසටහන් හා රාජ්‍ය ආයතනයන් මෙම පනත පිළිබඳ ලැබූ ප්‍රායෝගික අත්දැකීම්ද සාකච්ඡා කිරීමට නියමිතය.

තවද මෙහිදී තොරතුරු අයිතියෙහි ප්‍රායෝගික භාවිතයන් පිළිබද විවිධ පාර්ශවයන් ලද අත්දැකීම්ද බෙදා හදා ගැනීමටද අවස්ථාව ලබා දී ඇත.

මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා, අතිරේක ලේකම්වරුන් වන රමණි ගුණවර්ධන මහත්මිය සහ තිලකා ජයසුන්දර මහත්මියද, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා ඇතුළු රජයේ උසස් නිලධාරීන් හා බස්නාහිර පළාතේ සියළු රාජ්‍ය ආයතනයන්හි තොරතුරු නිලධාරීන්ද සහභාගී වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *