සංගා පළමු පෙළ තරගවලින් ද විශ්‍රාම ගනීමට සැරසේ

(කොළඹ, ලංකාපුවත්) –සරේ කණ්ඩායම නියෝජනය කරමින් සිය අවසන් පළමු පෙළ තරගය සඳහා ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර පළමු පෙළ තරගවලින්ද විශ්‍රාම ගැනීමට නියමිතය.

ඔහු ඊයේ (25) ලැන්කෂයර් කණ්ඩායමට එරෙහිව ආරම්භ වූ තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 14කට දැවී ගියේය.

එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලියේ මේ කාර්තුවේදී සංගා සිය රිද්මයේ උපරිමයේම පසුවන අතර ඔහු එහිදී ශතක අටක් රැස්කළ අතර එයට ද්විත්ව ශතකයක් වේ.

අවසන් තරගයට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර වෙනුවෙන් ලැන්කෂයර් ක්‍රීඩකයන් ගෞරවය දැක්වීමටත් කටයුතු කළේය.

පළමු ඉනිම ක්‍රිඩා කළ සරේ කණ්ඩායම කඩුලු අටට ලකුණු 201ක් රැස්කරමින් ඉනිම අත්හිටවීමට කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *