අධිකරණයේ ස්වාධීනත්වය ගැන යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිට අධිකරණ ඇමති කියයි

(කොළඹ, ලංකාපුවත්) – අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සිදු කරමින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම සදහා වත්මන් රජය කැප වී කටයුතු කරන බව අධිකරණ හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපති Tung Lai Margue මහතා හමුවූ අවස්ථාවේ දී ය. එම හමුව අධිකරණ අමාත්‍යාංශයේදි පැවැත්විණි.

GSP (PLUS) සහනය ශ්‍රී ලංකාවට ලබාදීම පිලිබදව මෙහිදි අදහස් පළ විය.වත්මන් රජය අවශ්‍ය අණ පනත් ගෙන එමින් නීති ප්‍රතිසංස්කරණ සිදු කරමින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සදහා ගෙන යන වැඩ පිලිවෙල පිළිබදව ද සාකච්ඡා විය.

ජාතීන් අතර ආගමික හා ජාතික සංහිදියාව සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩ පිළිවෙළ අගය කරන බව මෙහිදී තානාපතිවරයා සදහන් කලේය.

GSP (PLUS) සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කිරීම පිලිබදව යුරෝපා සංගමයට රජයේ ප්‍රසාදය පළ කරන බවත්, ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ආරක්ෂා වෙන පරිදි ඒ සදහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සිදු කරීමට අධිකරණ අමාත්‍යාංශය මේ වන විටත් අණ පනත් රාශියක් සම්මත කිරීමට කටයුතු කර ඇති  බවත් අමාත්‍යවරිය මෙහිදි සදහන් කළාය.

GSP (PLUS) සහනය මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සදහා ශක්තියක් බව සදහන් කළ අමාත්‍යවරිය සදහන් කලේ එම සහනය ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කරන බවයි.

මෙරට නීතිඥවරුන්ට හා විනිසුරුවරුන්ට පුහුණුවීම් ලබාදීම සදහා අවශ්‍ය පහසුකම් හා සහාය ලබාදීම පිළිබදව මෙහිදී  සාකචිඡා විය.ඒ සදහා සහාය ලබාදිමට කටයුතු කරන බව  තානාපතිවරයා පැවසීය .ශ්‍රී ලංකාවේ ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනය ජාතික සංහිදියාව සදහා අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව ද මෙහිදී තානාපතිවරයා සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *