එංගලන්ත ක්‍රිකට් උප නායක අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ උප නායක බෙන් ස්ට්‍රොක්ස් අත්අඩංගුවට ගෙන ඇත.

බ්‍රිස්ටල් හි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ සිදුවීමකින් අනතුරුව අත්අඩංගුවට ගත් ඔහු එක් දිනක් රඳවා තබාගෙන ප්‍රශ්න කර නිදහස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එංගලන්ත කණ්ඩායම මේ වන විට සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරගාවලියකට එක්වය. ඇලෙක්ස් හේල් ද ඔහු සමඟ මෙම සිදුවීම වන අවස්ථාවේ සිට ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් ඔහුව ද තහනමට ලක්කිරීමට කටයුතු කර තිබේ. මේ අනුව ක්‍රීඩකයින් දෙදෙනාටම අද දින පැවැත්වීමට නියමිත හතර වන එක්දින තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත. එක්දින තරග පහකින් සමන්විත තරගාවලියේ මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *