ජාතික මලල ක්‍රීඩා සංචිතයක් පිහිටුවීමේ තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – පොදුරාජ්‍ය මණ්ඩලයීය හා ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ජාතික මලල ක්‍රීඩා සංචිතයක් පිහිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජාතික මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පිහිටුවීමට නියමිතව ඇත. ඊට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්ය.

බාලක ඉසව් 9ක් යටතේ මෙම පුහුණු සංචිතය පිහිටුවීමට නියමිතය. ඉසව් 8ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 9 දෙනෙක් මෙම සංචිතයට ඇතුළත්ව ඇත. ඔවුන්ට මුදල් දීමනාවක් ද ලබාදීමට යෝජනා කර තිබේ.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීමට පුහුණුකරුවන් විසි දෙනෙකු තෝරාගෙන ඇති බවද සදහන් වේ.

මෙම පුහුණු සංචිතය ලබන මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට ජාතික මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *