(කොළඹ, ලංකාපුවත්) – තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය යින්ග්ලුක් ෂිනවත්රාට වසර 05ක සිර දඬුවමක් පනවා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
පසුගිය දා ඇය අත්අඩංගුවට ගැනීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණි.
මතබේදයට තුඩු දුන් සහල් සහනාධාර ක්‍රමවේදයේ සිදු වූ බව කියැවෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇතර අතර ඉකුත් 25වනදා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
කෙසේනමුත් හිටපු අග්‍රාමාත්‍යවරිය එදින අධිකරණයේ පෙනී සිට නොසිටි අතර ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව නීතීඥවරුන් අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය යින්ග්ලුක් ෂිනවත්‍රා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් මස 27 වන දින දක්වා කල් දමා තිබූ අතර අද දිනයේ ඇයට වසර 5ක සිර දඬුවමක් පැනවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.