UPDATE:විද්‍යා ඝාතන තීන්දු ප්‍රකාශය ඇරඹෙයි – පිටු 332 යි

(කොළඹ, ලංකාපුවත්) – විද්‍යා දැරියගේ පිටු 332 කින් යුක්ත නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.

යාපනය, කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටු ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක් වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතන නඩුවේ තීන්දුව අද(27) ලබා දීමට නියමිතය.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මහතා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශ කිරීමට බව වාර්තාවේ.

නඩු විභාගයට අදාළ පැමිණිළි පාර්ශවයේ, රජයේ සාක්ෂි හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් විය.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වන දින පාසල් ඇදුම්න් සැරසි පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කොට තිබිණි.

 

විද්‍යා ඝාතන නඩු තීන්දුවට පෙර යාපනයේ ආරක්ෂාව දැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) –යාපනය කයිට්ස් පුංකුඩිතිව්හීදී සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් පැවැත්වූ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම යාපනය මහාධිකරණයේදී අද (27) සිදු කෙරේ.

මේ වන විට යාපනය මහාධිකරණය අවට ආරක්ෂාව දැඩිකොට පවතින බව වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *