සෙල්ෆිය නිසා දියේ ගිලෙන මිතුරා නොපෙනුණු සිසු පිරිස

(කොළඹ, ලංකාපුවත්) – අඩි 10ක් ගැඹුරැති පොකුණක සිය යහළුවන් සමග දිය නෑමට ගොස් ගිලුණු සිසුවකු සම්බන්ධයෙන් එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කර ඇත.

‘සෙල්ෆි’ ඡායාරූපයක් ගැනීමට මිතුරන් පිරිස ඒකරාශී වී සිටියදී එක් සිසුවකු දියේ ගිලෙනු මෙම මිත්‍ර කාණ්ඩයට මග හැරී තිබෙන අතර එම ඡායාරූපයම මේ සම්බන්ධයෙන් සාක්ෂි සපයා තිබේ.

පැය කිහිපයක් අතුරුදහන්ව ගිලී සිටි සිසුවාගේ සිරුර පසුව සොයා ගෙන තිබූ අතර 17 හැවිරිදි වයස් කාණ්ඩයට මෙම තරුණයන් අයත් බව සදහන් ය.

විශ්වාස් ජී නම් මෙම මිය ගිය 17 හැවිරිදි සිසුවා බෙන්ග්ලාරු ජාතික පාසලේ අධ්‍යාපනය හදාරන්නකු වේ.

දිය නෑමෙන් අසල කෝවිලට ගිය සිසුන්ට විශ්වා අතුරුදහන් බව දැනෙන විට ඔහු දියේ ගිලී අවසන් වන අතර ඡායාරූප පිරික්සන අතරේ ඔහු දියේ ගිලී ඇති බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔහු ජලාශයේ සෙවීමේදී මළ සිරුර හමුව තිබේ.

මහාචාර්යවරයකු ඇතුළු සිසුන් 25ක් මෙම ගමනට සහභාගි වී තිබෙන අතර සිද්ධියෙන් කෝපයට පත් වැසියන් උද්ඝෝෂණ පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *