සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ඖෂධ දේශීයව මිල දී ගැනීමේ බලය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට

(කොළඹ, ලංකාපුවත්) – මහාචාර්ය සේනක බිබිලේ සමරු උළෙල 2017 සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ(26) පැවැත්විනි.

එහිදී අදහස් දැක්වූ ආමාත්‍යවරයා පැවසුවේ වෙළෙද පොලේ මිල පාලනය කරන්න රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හැකියාව ලැබී තිබෙන බවත් සෞඛ්‍ය සේවාවට අවශ්‍ය ඖෂධ දේශීයව මිල දී ගැනීමේ බලය ඖෂධ නීතිගත සංස්ථාවට ලබාදීමට කටයුතු කරන බවත් සදහන් කළේය.

අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා සමාගම් සමග ගිවිසුම් 38 ක් අත්සන් කර තිබෙනවා. එම ගිවිසුම් වලට අනුව ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා ඉදිවෙනවා. එහි නිෂ්පාදන සෞඛ්‍ය සේවාවට ලබා ගන්නවා. 2019 වසරේ මැදභාගය වන විට සියයට 85 ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කරනවා. වසර 2020 වනවිට ශ්‍රී ලංකාව රටට අවශ්‍ය ඖෂධ වලින් සියයට 100 ක්ම මෙරටදීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 5 =