කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර අද(28) පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.

ඒ අනූව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිළ තීරණය කර තිබේ.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් 15 ක් ඇතුලත් ය. කණ්ඩායමේ උප නායකයා ලෙස ලහිරු තිරිමාන්න කටයුතු කරනු ඇත.

තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස ලබන මස 06 වනදා ආරම්භ වීමට නියමිතය.

රෝස පැහැති පන්දුවෙන් මෙම තරගය ක්‍රීඩා කරනු ලැබේ. ශ්‍රී ලංකා කණ්ඩායම දිවා රාත්‍රී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × three =