ජපාන් පාර්ලිමේන්තුව විසුරුවයි

(කොළඹ, ලංකාපුවත්) – ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජපාන අගමැතිවරයා කටයුතු කර තිබේ.

ඒ පසුගිය සඳුදා මහමැතිවරණයක් පවත්වන බවට අග‍්‍රාමාත්‍ය ෂින් සෝ අබේ ප‍්‍රකාශ කිරිමත් සමග ය.

එරට පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට වසරකට පෙර මෙවර මැතිවරණය කැදවා තිබේ. ඒ අනුව ඔක්තෝබර් 22 වනදා මැතිවරණය පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

උතුරු කොරියාවෙන් එල්ල වන බලපෑම් සමග ජපානය ඊට මුහුණදෙන ආකාරය අනුව මෙවර මැතිවරණය තීරණාත්මක බව ද සදහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *