අමෙරිකාවේ හොද හිත ශ්‍රී ලංකාවට පලවෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකන් රජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සබදතා කමිටුවේ ප‍්‍රධානී David Price මහතා සමග ශී‍්‍ර ලංකා නියෝජිතයින් විශේෂ සාකච්ආවක් පවත්වා තිබේ.

ලෝකයේ රටවල් සමග ඇති සබදතා පිළිබඳ හා එම රටවල් සමග සබඳතා ඇති කරගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත උපදෙස් ලබා දෙන විශේෂ නියෝජිතයෙකු ලෙස David Price මහතා හැදින්විය හැකිය.

ඔහු සමග අද (28) ඉතා ඵලදායි සාකච්ඡාවක් පැවැති බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

වර්තමාන අමෙරිකානු පාලනය විසින් ශ‍්‍රී ලංකාවට ලබා දෙන ආධාර කප්පාදු කිරීමට සූදානම් වූ අවස්ථාවේ එය වළකාලීමට තමන් කි‍්‍රයාකළ බවත් ශී‍්‍ර ලංකාව පිළිබඳ ඇතිව තිබූ වැරදි මතවාදයන් දුරු කිරීමට හැකිවූ බවත් ඔහු සඳහන් කළ බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. ශී‍්‍ර ලංකාවේ වර්තමාන පාලනය පිළිබඳ සහ අනාගත සැලසුම් පිළිබඳව ඇගයීමට ලක්කරමින් ඉදිරියටත් පූර්ණ සහය ලබා දීමට පියවර ගන්නා බවට ඔහු කාතානායකවරයා වෙත පොරොන්දු වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වොෂිංටන් නුවරදී මෙම සාකච්ඡාව පැවැත්විණ.

කතානායක කරූ ජයසූරිය මහතා ඇතුලූ නියෝජිතයින් පිරිසක් මේ වන විට අමෙරිකාවේ අධ්‍යන චාරිකවක නිරත වෙමින් සිටිති. නිමල් සිරිපාල ද සිල්වා, පාලිත රංගේ බණ්ඩාර, යන අමාත්‍යවරුන්ද, චන්ද‍්‍රානි බණ්ඩාර අමාත්‍යවරියද මෙම කණ්ඩායම නියෝජනය කරති. එමෙන්ම දෙමල් ජාතික සන්ධානයේ එම. ඒ සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුනේ විජිත හේරත්, ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම යන මන්ත‍්‍රීවරුන්ද මෙම චාරිකාවට එක්ව සිටිති.

මුදල් හා වෙළදාම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය,ව්‍යවස්ථා සම්පාදනය, අයවැය සැකසීම ඇතුළු විෂයපථයන් රැසක් පිළිබඳ මෙම චාරිකාවේදී කරුණූ විමසා බැලීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *