අයි එස් නායකයාගේ බවට සැලකෙන හඬපටයක් අන්තර්ජාලයට

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායකයා වන අබු බකර් අල් බැග්ඩෑඩිගේ බවට සැලකෙන හඬපටයක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

උතුරු කොරියාව ජපානයට සහ අමෙරිකාවට සිදුකළ තර්ජන පිළිබඳව එම හඬ පටයේ සඳහන් ය.

එමෙන්ම පසුගිය ජූලි මාසයේදී ඉරාක හමුදාව අත්පත්කර ගත් මොසූල් නගරය යළි අයි එස් සටන්කාමීන්ගේ ග්‍රහනයට නතුකර ගන්නා බව ඔහු එමගින් අවධාරණයකර ඇත.

2014 වසරේ සිට අයි එස් ත්‍රස්ත නායකයා ප්‍රසිද්ධියේ පෙනී නොසිටිමින් එම සංවිධාන කටයුතු මෙහෙයවන බව වාර්තා වේ.

ඔහු අවසන් වරට පෙනීසිටි අවස්ථාව ලෙස සැලකෙන්නේ අල් නූරි දේවස්ථානයේ සිට අයි එස් සංවිධානයේ මන:කල්පිත රාජ්‍යය ප්‍රකාශයට පත්කළ අවස්ථාවයි.

මෙම හඬ පටය පිළිබඳ අදහස් දැක්වූ අමෙරිකා හමුදා ප්‍රකාශකයෙකු කියාසිටියේ බැග්ඩෑඩි නමැති මෙම ත්‍රස්ත නායකයා මියගිය බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී නැති බැවින් ඔහු ජීවතුන් අතර සිටින බවට විශ්වාස කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × four =