සාරානාත් ධර්ම නිකේතනයේ ශ්‍රී මහා බෝ අංකුරයක් රෝපණය කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – දෙහිවල, කථබෝවිල සාරානාත් ධර්ම නිකේතනයේ ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ අංකුරයක් රෝපණය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ පැවැත්විණි.

කලූබෝවිල භාතිය මාවතේ පිහිටි සාරානාත් ධර්ම නිකේතන විහාරස්ථානය පූජ්‍ය එලමල්දෙණියේ සාරානන්ද නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් 2004 වසරේ ආරම්භ කරන ලද්දක් වන අතර එදා පටන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආගමික, සාමාජීය, අධ්‍යාපනික හා ශාස්ත්‍රීය සේවාවන් රැසක් සිදු කෙරේ.

අද පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව පුණ්‍යෝත්සවය සදහා එක් විය.

සාරානාත් ධර්ම නිකේතන විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය එලමල්දෙණියේ සාරානනන්ද නායක ස්වාමින් වහන්සේ විසින් පුණ්‍යෝත්සවයේ පිළිගැනීමේ අනුශාසනාව සිදු කළ අතර මහාචාර්ය පූජ්‍ය නාඉම්බල ධම්මදස්සී නායක හිමිපාණන් වහන්සේ විසින් විශේෂ අනුශාසනාව සිදු කළහ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ පළාතේ මැති ඇමතිවරු පිරිසක් මෙන්ම සැදැහැවතුන් විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *