අයිෆල් කුළුණ නැරඹීමට සංචාරකයින් මිලියන 300ක්

(කොළඹ, ලංකාපුවත්) –සුප්‍රසිද්ධ අයිෆල් කුළුණ නැරඹීමට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 300ක් ලෙස වාර්තාවී තිබේ.

එය උත්කර්ෂවත්ව සැමරීමට කටයුතු කර ඇත.

උසින් මීටර් 324ක් වු අයිෆල් කුළුණ සංචාරකයින්ට විවෘත කෙරුණේ 1889 වසරේය. එම වසරේ සිට මේ දක්වා කාලය තුළ සංචාරකයින් මිලියන 300ක් එම කුළුණ නැරඹීමට පැමිණ තිබෙන බව සදහන් ය.

එය සමරනුවස් කුළුණ විදුලි බුබුලුවලින් අලංකාර කර සංගීතය ද මුසු කරමින් සැමරුම් උත්සවයක් පැවැත්වීමටයි ප්‍රංශය කටයුතු කළේය.

වාර්ෂිකව මෙම කුළුණ නැරඹීමට සංචාරකයින් බොහෝ පිරිසක් පැමිණේ. පසුගිය වසරේ පමණක් එසේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 5.8කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *