අඩු මිලට පොල් අද සිට ජනතාවට

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් 65 කට පාරිභෝගිකයන්ට පොල් ලබාදීමේ වැඩපිළිවෙල අද (02) සිට කි‍්‍රයාත්මක බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

එහි සභාපති කපිල යකන්දාවල මහතා කියාසිටියේ මණ්ඩලයේ ලොරි රථවලින් අඩු මිළට අළෙවි කරන මෙම පොල් මිළදී ගෙන වැඩි මිලට විකිණීමේ කූඨ වෙළදුන්ගේ උත්සාහයන් වැළැක්වීමටද විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර ඇති බවය.

උදේ කාලයේ කොළඹ සහ අවට ප්‍රදේශවල මේ ආකාරයෙන් පොල් අලෙවි කිරීමට කටයුතු යොදා ඇත. එක් අයෙකුට පොල් ගෙඩි 10ක් ලබා ගත හැකිය.

එසේම ඉදිරියේදී මෙම මිළ ගණන් යටතේ පොල් සතොස වෙත ලබා දීමටද කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව නුගේගොඩ සිට අවිස්සාවේල්ල පාර, කොහුවල සිට පිළියන්දල – කැස්බෑව මාර්ගය, ගාලුපාරේ වාල්ලවත්තේ සිට, මාළඹේ සිට නවගමුව මාර්ගය, කිරිබත්ගොඩ සිට නුවරපාර, පෑලියගොඩ සිට මීගමුව පාර මෙලෙස පොල් අලෙවිය සිදු කෙරෙනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × four =