ස්පාඤ්ඤයේ ජනමත විචාරණයේදී ගැටුමක් – 800කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශය ස්වාධීනවීමට පැවැති ජනමත විචාරණයේදී හටගත් ගැටුම්වලින් 800කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජනමත විචාරණය ඊයේ(01) පැවැත්වුණේ දැඩි මතභේදකාරී වාතාවරණයක් මධ්‍යයේ ය. කැටලෝනියානු බලධාරීන් කියා සිටියේ, ජනමත විචාරණයේ දී ජන්දය ලබාදුන් පිරිසගෙන් 90%ක් ස්වාධීනවීමට කැමැත්ත පළකර ඇති බවය. එහි ජනතාවගෙන් 42%කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

ඡන්ද ප්‍රතිවළ මගින් වෙනම රාජ්‍යයක් ලෙස ස්වාධීනවීමට දොරටුව විවෘතව ඇති බවයි, කැටලෝනියානු නායක කාසල් පිග්ඩෙමොන්ට් කියා සිටියි. එහෙත් ඊයේ පැවැති ජනමත විචාරණය නීති විරෝධී බවට ස්පාඤ්ඤය ව්‍යවස්ථා අධිකරණය ප්‍රකාශ කර තිබුණි.

ඡන්දය ලබාදීමට පැමිණෙණ පිරිස් වළක්වාලීම හා ඡන්ද පත්‍රිකා අත්පත්කර ගැනීමට ස්පාඤ්ඤය පොලීසිය ක්‍රියා කර ඇතැයි ද සදහන් වේ. එහිදී පොලීසිය හා විරෝධතාකරුවන් අතර දැඩි ගැටුම් හටගෙන තිබේ. 800කට අධික පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =