පකිස්ථානයට ශ්‍රී ලංකාවෙන් ලකුණු 136ක ඉලක්කයක්

(කොළඹ, ලංකාපුවත්) – පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 138කට දවා ගැනීමට පකිස්ථානු පන්දු යවන්නන් සමත් විය.

දෙවන ඉනිමේදී නිරෝෂන් දික්වැල්ල හැරෙන්නට කිසිඳු පිතිකරුවෙකුට දස්කම් දැක්වීමට පකිස්ථානු පන්දු යවන්නන්ගෙන් ඉඩ නොලැබුනි.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 40ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී යසීර් ෂා කඩුලු 05ක් දවා ගැනීමට සමත් විය

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 419ක් ලබා ගත්තේය. එහිදී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 155ක් ලබා ගැනීමට සමත් වුනි. දිමුත් කරුණාරත්න ලකුණු 93ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 83ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී මොහොමඩ් අබ්බාස් සහ යසීර් ෂා කඩුලු 03 බැගින් දවා ගැනීමට සමත් වුණි.

පිළිතුරු වශයෙන් පකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 422ක් ලබා ගත් අතර එම ඉනිම වෙනුවෙන් ශාන් මසූඩ්, සාමි අස්ලාම් අසාර් අලි සහ හැරිස් සොහෙල් අර්ධ ශතක ලබා ගත්තේය.

පන්දු යැවිමේදී රංගන හේරත් කඩුලු 05ක් දවා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *