රිජ්වේ එන දරුවන්ට අලුත් වාට්ටු සංකීර්ණයක්

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකිරීමට යෝජිත හෘද උරස් ප‍්‍රතිකාර සහ දැඩි සත්කාර රෝගී සේවා වාට්ටු සංකීර්ණය ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ ආරම්භ විය.

කුඩා ළමුන්ගේ හෘදරෝග ප‍්‍රතිකාර සහ දැඩි සත්කාර රෝගී සේවා වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජය සහ “පුංචි හදවත්” ව්‍යාපෘතිය තුළින් ලැබුණු මහජන දායකත්වයෙන් මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට නියමිතවේ.

ඒ සඳහා යෝජිත වියදම රුපියල් බිලියන 02 ක් වන අතර ගොඩනැගිලි සංකීර්ණය මහල් 10 කින් සමන්විතව ඉදිකෙරේ.

මේ අවස්ථාවට “පුංචි හදවත්” ව්‍යාපෘතියේ අනුශාසක පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, රෝහල් අධ්‍යක්ෂ ඩබ්.කේ. වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *