ඉන්දියාවේ ශ්‍රී නගර් හමුදා කඳවුරකට ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ ශ්‍රී නගර් හි පිහිටි හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් අද(03) අළුයම 04ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි සදහන් වේ. මේ වන විටත් ප්‍රහාරකයින් අදාළ කඳවුර පරිශ්‍රයේ රැඳී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය ආරක්ෂක අංශ ඔවුන්ට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට සැක පළවී තිබේ.

ප්‍රහාරකයින්ගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් හමුවී ඇත. සිද්ධියෙන් හමුදා සෙබලුන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව ද සහන් වේ.

කවුරුන් විසින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇත්ද යන්න මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 8 =