රජයේ අරමුණ පුහුණු ශ්‍රමිකයින් වැඩියෙන් විදේශ ගත කිරීමයි

(කොළඹ, ලංකාපුවත්) – නව රජයේ අරමුණ වූයේ ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගතවන ශ්‍රමිකයන් ප්‍රමාණයට වඩා පුහුණු ශ්‍රමිකයන් විදෙස් ගත කිරීම බවත් එය මේවන විට සාර්ථක වෙමින් පවතින බවත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සදහන් කළාය.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව 2017 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගත වූ මාස 08ක කාලය තුළ පිරිමි ශ්‍රමිකයින්ට සාපේක්‍ෂව කාන්තාවන් විදේශ ගත විම සියයට 34.1 කි. මෙතුළින් ගම්‍ය වන්නේ විගමණික රැකියා වෙළෙදපොල තුළ පුහුණු ශ්‍රමිකයන්ට වැඩි අවස්ථාවක් ලැබී තිබෙන බවය.

නව රජය පත්වීමෙන් අනතුරුව දින 21ක්ව පැවති ගෘහ සේවිකා පුහුණුව දින 40දක්වා වැඩි කරන ලද්දේ ශ්‍රම වෙළෙඳපලට අවශ්‍ය කරන පුහුණු ශ්‍රමය වර්ධනය කිරීමේ අරමුණෙනි.

ඒඅනුව 2017 වසරේ මුල් මාස 08 තුළ ලාංකික ශ්‍රමියන් 141,725දෙනෙකු විදේශ ගත වී ඇති අතර ඉන් කාන්තාවන් 48,374ක් වන අතර පිරිමි ශ්‍රමික ප්‍රමාණය 93,351කි. මින් වැඩි පිරිසක් වන 42,389දෙනෙකු විදේශ ගත වී ඇත්තේ බස්නාහි පළාතෙනි.

මෙම කාලය තුළ වැඩි පිරිසක් විදේශ ගත වී ඇත්තේ කටාර් රාජ්‍යයට ය.

විදේශ ගතවන සියළු දෙනා කාර්යංශයේ ලියාපදිංචි වී යෑම තුළින් රජය මගින් ඔවුන්ට ලැබෙන වරප්‍රසාද භුක්ති විදිය හැකි බවද අමාත්‍යවරිය පැවසුවාය.

තවද විදෙස් රැකියාව අතරතුර සිදුවන ඕනෑම ගැටළුවක දී එරට තානාපති කාර්යාලයට ඍජුව මැදිහත් වීමේ හැකියාව ද පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *