වැස්සේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවල

(කොළඹ, ලංකාපුවත්) – දැනට දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවල අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සබරගමුව පළාතේ විටින් විට වැසි ඇති වේ.

බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

එසේම අනෙකුත් පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

විශේෂයෙන් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි දැනුම් දීමක් ද කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *