ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමති දයාසිරිගෙන් සුබපැතුම්

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානය සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුබපැතුම් එක්කර ඇත.

මෙම තරගයේ දී තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම රංගන හේරත් ක්‍රීඩකයාට ද අමාත්‍යවරයා සුබපැතුම් එක්කර තිබේ.

ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් ද සෑම කල්හිම නොපවතින බව පසක් කරමින් ලැබූ මෙම ජයග්‍රහණය විශිෂ්ට බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සැබෑ දක්‍ෂතාව යනු නොවැටී සිටීම නොව වැටෙන වැටෙන වාරයක් පාසා නැවත නැගී සිටීමයි යන ලෝක ප්‍රකට කියමන යළි සැබෑ කරමින් අපට නැවතත් නැගී සිටිය හැකි බව ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයින් ලෝකය හමුවේ අවධාරණය කර ඇති බව ද එහි සඳහන් ය.

මෙම තරගයේ දී ටෙස්ට් කඩුලු හාරසියය සම්පූර්ණ කළ ලොව පළමු වමත් දඟපන්දු යවන්නා බවට ද රංගන හේරත් පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =