ජාතික කියවීමේ මාසයේ සමාරම්භය සනිටුහන් කරමින් එම ලාංඡනය ජනපතිට පළඳවයි

(කොළඹ, ලංකාපුවත්) – ඔක්තෝබර් මසට යෙදී ඇති ජාතික කියවීමේ මාසයේ සමාරම්භය සනිටුහන් කරමින්, එම ලාංඡනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙන අතර ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහ මහතා විසින් ලාංඡනය ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය.

ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *