නාඋලට රිලවුන්ගේ හානි දිනෙන් දින වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දිනෙන් දින වැඩිවන රිලා ගහනය හේතුවෙන් බරපතල ගැටළු රැසක් නිර්මාණය වී ඇතැයි ප්‍රදේශ වාසිහු කියති.

මේ වන විට නාඋල නගරයේ පමණක් පෙර පැවති රිලා ගහනයට වඩා කිහිප ගුණයකින් රිලවුන්ගේ වර්ධනයක් පවතින බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

පාසල් දරුවන් දහසකට වැඩි පිරිසක් දෛනික අධයාපන ලබන ශ්‍රී නාග ජාතික පාසලට ද රිලවුන්ගෙන් නිරන්තර කරදර සිදුවන බව එහි දෙමව්පියෝ සදහන් කරති.

පාසලේ එලිමහනේ පවතින පොදු ජල කරාම වලින් රිලවුන් ජලය බීම, පොදු ගොඩනැගිලි වලට හානි සිදුකිරීම සහ පලදරන ගස් වලට හානි සිදුකිරීම වැනි ක්‍රියාවන් හේතුවෙන් මේ වන විට ගැටළු රැසක් මතුව තිබේ.

මීට අමතරව ගොවි සංවිධාන රැසක් කියා සිටියේ ප්‍රදේශයේ පොල්,අඹ,පේර ආදී වගාවන් වලට රිලවුන්ගෙන් දැඩි හානි පැමිණ ඇති බවයි.

ඉදිරියේ දී මෙම තත්ත්වය පාලනය නොකලොත් ප්‍රදේශයේ විවිධ රෝග මෙන්ම අනතුරු දායි තත්ත්වයක් ඇති වීම වැලැක්විය නොහැකි බව ට ද ගොවි සංවිධාන අනතුරු අඟවයි.

නිදැල්ලේ හැසිරෙන රිලවුන්ගේ බෝවීම වැලැක් වී ම සදහා රජය මැදිහත්වී කිසියම් වැඩපිළිවලක් යෙදීම කාලින අවශ්‍යතාවක් බව ද ඔවුහු පෙන්වා දෙති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *