ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට උත්තරීතර සභාවේ වගකීම සෑම කෙනෙකුටම පැවරෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන බලාපොරොත්තුව තුළ රට නොබෙදෙන ඒකීය රාජ්‍යයක පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීමයි බලාපොරොත්තු  වන බවත් ජනතා අයිතිවාසිකම් ආර්ථික සමෘද්ධිය ගොඩනැගීමට ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට උත්තරීතර සභාවේ වගකීම සෑම කෙනෙකුටම පැවරෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ජනාධිපතිතුමා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

මා ඉතාමත් ම සතුටු වෙනවා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කරන ශ්‍රී ලංකා පර්ලිමේන්තුවේ වසර 70 ක් සැපිරීම කරන අවස්ථාවේ ඇමතීම සම්බන්ධව. දකුණු ආසියාතික සාර්ක රටවල කතානායකවරුන්ගේ පැමිණීම පිළිබඳව,මේ අවස්ථාවට සාර්ක් මිත්‍ර රටවල  සහයෝහ්ගීතවය ශක්තිමත් කරමින් පැමිණි කතානායකකවරු ජනරජය ජනතාව වෙනුවෙන් ගෞරවයෙන් පිළිගන්නවා.

අපි අද අපේ පාර්ලිමේන්තුව,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර 70ක ඉතිහාසයක් ගැන කතා කරන්නේ. දසක හතක කාල සීමාව ඉතාමත් ම වැදගත් වෙනවා. සොල්බරී කොමිෂන් සභා ව්‍යවස්ථාව තුළ 1947 පාර්ලිමේන්තුව පළමුවෙන්  පිහිටුවීමත් ,නිදහස ප්‍රජාතන්තවාදය ශක්තිමත් කිරීම බලයට පත් වූ සෑම ආණ්ඩුවක් ම ඉටු කළා.

අප පවත්වා ගෙන ආ පාර්ලිමේන්තු ක්‍රමයේ 1972 ව්‍යවස්ථාව යටතේ යම් වෙනස් වීම් සිදු වුණා. 1978 නව ව්‍යවස්ථාවක් සම්මත කළා. 1978 ව්‍යවස්ථාවෙන් අසීමිත බලයක් තිබෙන විධායක ජනාධිපති ක්‍රමය නිසා පාර්ලිමේන්තු ක්‍රමය යම් තරමකට දුර්වල වුණා. 18 සංශෝධනය තුළ පාර්ලිමේන්තුව දුර්වල වුණා. 2015 ජනවාරි 8 මතිවරණයෙන් වෙනස් කළ පරිවර්තනනීය යුගයක, අප විසින් සම්මතකළ 19 සංශෝධනයෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුව ශක්තිමත් වුණා. අපේ පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමයි අප දකින්නේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන බලාපොරොත්තුව තුළ රට නොබෙදෙන ඒකීය රාජ්‍යයක   පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීමයි බලාපොරොත්තු වෙන්නේ. මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට සෑම මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබෙයි කියලා.

අනාගතය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මිත්‍ර ශීලී රටවල සමඟ අපගේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීම වැදගත් වෙනවා. සාර්ක් රවටල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, ආර්ථික සමෘද්ධිය. ආධ්‍යාත්මික සමාජයක් මත තිබෙන බලාපොරොත්තු, සම්පත් වර්ධනය කිරීම, ගුණගරුක ප්‍රජාවක් සඳහා ජාත්‍යන්තර සමාජයට පණිවුඩයක් දීමට අප කැපවිය යුතුයි. ගෙවී ගිය වසර 70 තුළ අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ නායකයින්, අද මේ දක්වා රටවල් ලෙස ගමන් මඟේ දී අත්දැකීම් රාශියක් ලබාගෙන තිබෙනවා.

ජනතා අයිතිවාසිකම් ආර්ථික සමෘද්ධිය ගොඩනැගීමට ප්‍රබුද්ධ රාජ්‍යයක් ගොඩනැගීමට උත්තරීතර සභාවේ වගකීම සෑම කෙනෙකුටම පැවරෙනවා. රටක් වශයෙන් විධායකයේ ක්‍රමික විධිමත්භාවය,ප්‍රජාතන්ත්‍රවාදය,මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරමින් නීතියේ ආධිපත්‍ය තහවුරු කළ යුතු වෙනවා.ඒ නිසා යහපත් වූ සුන්දර වූ අනාගත බලාපොරොත්තු හෙට උපදින දරුවන් වෙනුවෙන් සාමුහිකව වගකීමෙන් ඉටුකරමින් සාමූහිකත්වයට එක්විය යුතු නිස ආර්ථික සමෘද්ධිය ඇති රටක් ගොඩනගමු යැයි ද ජනාධිතිවරයා ප්‍රකාශ කර සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *