ශ්‍රී ලංකාවට ප්‍රථම ටෙස්ට් තරගයෙන් තියුණු ජයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැති ප්‍රථම ටෙස්ට් තරගයෙන් ලකුණු 21 විශිෂ්ඨ ජයක් හිමි කර ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ(02) සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 419ක් රැස්කළේය. එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 93ක් රැස් කළ අතර නායක දිනේෂ් චන්දිමාල් අගනා ලකුණු 155ක් රැස් කිරීමට සමත් විය.

ඊට පිළිතුරු ලෙස පකිස්ථාන කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 422ක් කණ්ඩායමට එක්කළේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අසර් අලී ලකුණු 85යි.

පන්දු යැවීමේදී රංගන හේරත් කඩුළු 5ක් බිද හෙළීය.

සිය දෙවන ඉනිම සදහා පිටියට පිවිසි කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 138ක් පමණි. මෙහිදි යසීර් සහා කඩුළු 5ක් බිද හෙළන ලදි. ‍

තරග ජයග්‍රහණය සදහා ලකුනු 135ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 114ක් පමණි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ රංගන හේරත් දෙවන ඉනිමේදී කඩුළු 6ක් දවා ගැනීමට සමත්විය.

සමස්ථ තරගයේ දී කඩුළු 11ක් දවාගත් රංගන හේරත් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. එම කඩුළු 11 ද සමගින් රංගන හේරත්ගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 400ක් ලෙසට ක්‍රිකට් වාර්තා පොත් වලට එක්විය.

ඒ අනුව ටෙස්ට් කඩුළු 400 ලබාගත් ලොව ප්‍රථම වමත් දගපන්දු යවන්නා බවට ද ඊයේ දිනයේ දී රංගන හේරත් ක්‍රිකට් ඉතිහාසයට එක්වීම විශේෂිත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *