ලාස්වේගාස් ප්‍රහාරයකයා හඳුනා ගනී

(කොළඹ, ලංකාපුවත්) – ලාස්වේගාස් ප්‍රහාරය සිදුකළ ස්ටීවන් පැඩොක් නැමැති අයි එස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු ලෙස සිටි අයෙකු බව හෙළිව තිබේ.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය අයි එස් ත්‍රස්ත සංවිධානය සිදුකළේද යන්න පිළිබඳ තවම තහවුරුවී නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකාවේ ලාස්වේගාස්හි සංගීත ප්‍රසංගයකට පසුගියදා එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. 500කට වැඩි පිරිසක් තුවාල ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් අංශ රැසක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.

වෙඩි ප්‍රහාර එල්ල කළ ස්ටීවන් පැඩොක් නැමැත්තා මානසික ආබාධයකින් පෙලුනේද යන්න පිළිබඳ සොයා බැලීමට විශේෂ අවධානය යොමුව තිබේ. මීට මාසයකට පමණ පෙර මෙම පුද්ගලයා ඉස්ලාම් ආගම වැළඳගෙන ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *