සතොසෙන් අඩු මිලට සහල් තොග අලෙවි කිරීම අද සිට

(කොළඹ, ලංකාපුවත්) – සතොස හරහා අඩු මිලට සහල් තොග වශයෙන් බෙදා හැරීම අද (04) ආරම්භ කෙරේ.

එහි සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා සඳහන් කළේ, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 28කදී සහල් තොග වශයෙන් බෙදා හරින බව ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත පිටකොටුවේ සහල් තොග මිලට වඩා අඩුවෙන් එම සහල් තොග අලෙවි කරන බව ද සතොස සභාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + seven =