වෙබ් අඩවි රාජ්‍ය තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියට අනුව සකස් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA)  මගින් ක්‍රියාත්මක රාජ්‍ය වෙබ් අඩවි නිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය සදහා සකස් කරන ලද වෙබ් අඩවිය එලිදැක්වීම පසුගියදා එම අමාත්‍යාංශයේදී  සිදුවිය.

අමාත්‍යංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති එමගින් රටට ලැබෙන ප්‍රතිලාබ ‍විදේශීය වශයෙන් රටට ලැබෙන ආයෝජන අවස්ථාවන් මෙන්ම  ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යපෘති ඇතුළු තොරතුරු රැසක් මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිවේ.

සිංහල දෙමළ ඉංග්‍රීසි යන  භාෂා ත්‍රිත්වයෙන්ම වෙබ් අඩවියට තොරතුරු ඇතුලත් කර තිබෙන අතර ජංගම දුරකතනය ඔස්සේද මෙම වෙබ් අඩවියට ප්‍රවේශවීමේ පහසුකම් සහිතව නව වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන බව  නියෝජිතායතනය පවසයි.

මෙම වෙබ් අඩවිය දියත් කිරීම අමාත්‍යය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතින් සිදුවු අතර එහිදී අදහස් දැක්වු සරත් ෆොන්සේකා මහතා සදහන් කර සිටියේ අභිනවයෙන් ආරම්භ කරන ලද තම අමාත්‍යංශයේ තොරතුරු රටට ජනතාවට සහ ආයෝජකයින්ට  දැන ගැනීම සදහා වෙබ් අඩවියක් එලිදැක්වීමට හැකිවීම කාලීන වශයෙන්  ඉතා වැදගත් වන බවයි. එසේම වෙබ් අඩවියට ඇතුලත් කර තිබෙන තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට කටයුතු කිරීම අමාත්‍යාංශය  වෙත පැවරී තිබෙන වගකීමක් බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කාංචන තුඩුගල මහතා    සදහන් කර සිටියේ රාජ්‍ය තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියට අනුකූලව මෙම වෙබ් අඩවිය සකස් කර තිබෙන බවත් පවතින සමාජ දහරාව තුල තොරතුරු සන්නිවේදනය කිරීමේ ඉතා හොද මෙවලමක් වශයෙන් වෙබ් අවකාශය හැදින්විය හැකි බවත් මේ අතින් බලන විට අමාත්‍යංශයක් සතුව වෙබ් අඩවියක් පැවතීම අත්‍යවශය මෙන්ම සෑම අතින්ම  කාලෝචිත වන බවයි.

www.mrd.gov.lk වෙබ් ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකිය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *